කලා

හොඳම නිළියට හිමි සම්මානයට ප්‍රියංකාගේ නම යෝජනා වෙයි

(UTV | ඉන්දියාව) – ඉන්දීය ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රාගේ නම ලබන ඉරිදා (16) පැවැත්වීමට නියමිත ‘ෆිල්ම් ෆෙයාර්’ සිනමා සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය සඳහා යෝජනා වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා පැවසුවේ ඇය අවසන් වරට 2015 වසරේ ‘මේරි කොම්’ චිත්‍රපටය සඳහා හොඳම නිළිය ලෙස නිර්දේශයට පත්වූ බවයි.

ඇය මෙවර හොඳම නිළිය ලෙස නිර්දේශ වී ඇත්තේ ‘ද ස්කයි ඉස් පින්ක්’ චිත්‍රපටයේ ‘අදිති චෞද්‍රිරි’ චරිතය හරහා වන අතර  මෙම සම්මානයට ආලියා භාට්, කරීනා කපූර්, විද්‍යා බාලන්, කංගනා රනවුත් නිර්දේශ වී සිටින අනෙකුත් නිළියන් වන බව සඳහන්.

Related posts

ප්‍රංශ ස්පයිඩර් මෑන් 60 වන උපන් දිනය සමරයි

Mohamed Dilsad

රංගනවේදී ජයලාල් රෝහණ මහතාගේ දේහය අද පස්වරුවේ නිවසට

Mohamed Dilsad

ජයලලිතාගේ ජීවිත කතාව ඇසුරෙන් කළ ‘තලවී’ 26 වැනිදා ප්‍රදර්ශනයට

Mohamed Dilsad

Leave a Comment