දේශීය

චීනයේ සිට පැමිණි ශ්‍රී ලංකික සිසුන් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ තවදුරටත්

(UTV| කොළඹ) – චීනයේ වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා තවදුරටත් දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා තබා තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසීය.

අද(05) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව තවදුරටත් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන අතර ඇය සම්බන්ධයෙන් සිදුකරන ලද ජෛව සාම්පලයක් පරීක්ෂණ සඳහා හොංකොං වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබේ.

Related posts

අධිවේගි මාර්ගයේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය ඉවත් කරයි.

Editor O

එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment