දේශීය

කොරෝනා වෛරසය වරායෙන් පැතිරීම වැළැක්වීමට පියවර

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය කොළඹ වරාය ඇතුළු සියලු වරායයන්ගෙන් පැතිරීම වැළැක්වීමට සාර්ථක වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බව  ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් ගමන් ආරම්භ කර තායිලන්තයේ සිට පැමිණි නෞකාවක් ඊයේ (04) පරීක්ෂාවට ලක් කල බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (නිරෝධායන) වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් මහතා පවසයි.

කොළඹ වරායට පැමිණි “Sun Princess” නමැති එම මගී නෞකාවේ මගීන් පරීක්ෂාවට කළත් එහි කිසිදු රෝගියෙකු හෝ රෝග ලක්ෂණයක් සහිත පුද්ගලයින් හමු නොවු බවත් ඒ මහතා  අවධාරණ කළේය.

ඊයේ පැවති මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රි ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ආරක්ෂක) කේ.ජි.උපාලි මහතා ඇතුළු වරාය අධිකාරියේ උසස් නිලධාරීන්, නැව් නියෝජිතවරුන් හා ශ්‍රී ලංකා වෛද්‍ය කොට්ඨාශයේ සහ වරාය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවකයින් ද එක්වූ බව සඳහන්.

Related posts

විදුලි බිලට විරෝධය පා පන්සල් කරුවලේ තැබීමේ යෝජනාවක්

Mohamed Dilsad

අමාත්‍ය මහින්ද අමරවීරගෙන් වැඩබලන පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

ජනපතිගෙන් ලෝක ගුරු දිනයට සුබ පැතුම් පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment