දේශීය

හිටපු මහේස්ත්‍රාත්ගේ තිලිණ ගමගේගේ පෙත්සම ඉවතට

(UTV | කොළඹ) –  හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (05) තීරණය කළේය.

තමාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ දැනට විභාග වන නඩුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අදාළ පෙත්සම ගොණු කර තිබුණි.

එය අද කැඳවනු ලැබුවේ මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි.

ඒ, එම පෙත්සම මහින්ද සමයවර්ධන, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධීව අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.

Related posts

නිරෝධායනය අවසන් කල තවත් පිරිසක් පිටවෙයි

Mohamed Dilsad

උතුරු දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

Mohamed Dilsad

මේ වසරේ, ගතවූ කාලය තුළ දියේ ගිලීමෙන් 257 මිය ගිහින්

Editor O

Leave a Comment