දේශීය

හදිසි විදුලි විසන්දිය ගැන ඇමති කරුණු විමසයි

(UTV| කොළඹ) –  දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයෙන් වාර්තාවක් කැඳවා ඇත.

මෙලෙස විදුලිය විසන්ධි කීරිම (03) පෙරේදා දින සිදු කෙරිණි.

දැනට පවතින කරුණු අනුව විදුලි කප්පාදුවකට යාමට තරම් හේතුවක් නොතිබූ බව මෙහිදී විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය දැනුම්දී ඇති බව සඳහන් වෙයි.

කෙසේ වෙතත් යළි කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොවන ආකාරයට වගබලා ගන්නා ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට තරයේ අවවාද කර ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඊයේ පැවති එම සාකච්ඡාව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ නිලධාරීන් මෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක්ද එක්ව තිබේ.

Related posts

කොරෝනා නිසා මියගිය අයගේ ආදාහනය පිලිබඳ ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

නීතිපති නිව් ඩයමන්ඩ් කළ සාගර දූෂණයට වන්දි ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment