දේශීය

විදුලි ඉල්ලුම ඉහළට – ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක්

(UTV | කොළඹ) –  දිවයිනට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වයන් සමග විදුලි ඉල්ලුම 6% – 8% ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

මේ හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජලවිදුලි නිෂ්පාදනය 25% ක් දක්වා පහත වැටී තිබෙන අතර, නොරොච්චෝලේ බලාගාරයෙන් සමස්ත විදුලියෙන් 40% ක් ලබාදෙන බවත්, ඉතිරි විදුලි ප්‍රමාණය තාප විදුලි බලාගාරවලින් නිෂ්පාදනය වන බවත් එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම අඩු වී තිබෙන හෙයින් ජල විදුලි නිෂ්පාදනය 25% දක්වා අඩු වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ජනපති ගුවන් තොටුපල හදිසි නිරීක්ෂණයක (video)

Mohamed Dilsad

පාඩු ලබන රාජ්‍ය ආයතනවලට මාලිමා ආණ්ඩුව කරන්න යන දේ

Editor O

ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටි බැසිල් ලංකාවට එයි

Mohamed Dilsad

Leave a Comment