දේශීය

‘හතේ අපේ පොත’ සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත

(UTV| කොළඹ) –  “හතේ අපේ පොත” පිළිබඳව පූර්ණ වාර්තාවක් මසක් ඇතුළත ලබාදෙන ලෙස අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව සහ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ ආශික අධීක්ෂණ කාරක සභා අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇත.

ඊයේ (21) ඒ සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේදී අනාවරණ වී ඇත්තේ මුද්‍රණය කර බෙදාහරින ලද එම ග්‍රන්ථ 350,000 න් නැවත ලැබී ඇත්තේ ග්‍රන්ථ 25,000 ක් බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රථමවරට විවේචනාත්මක අදහස් ඉදිරිපත් කළ පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, උන්වහන්සේ පවසා සිටියේ ලිංගික අධ්‍යාපනය පිළිබද ලාංකේය ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම අතිශය වැදගත් වුවද සංස්කෘතිය තුළ සංවේදී වන මෙවැනි කාරණා සිසුන් තුළ ලිංගිකත්වය පිළිබද උත්තේජනයක් ඇති නොවන ලෙස මීට වඩා සංයමයකින් යුතුව ඉදිරිපත් කළ යුතු බවය.

Related posts

ඇමති ජොන්ස්ටන්ට එරෙහි නඩුව කල් දැමේ

Mohamed Dilsad

තවත් ප්‍රදේශ 5 කින් කොරෝනා මරණ

Mohamed Dilsad

කුඩු හංසි අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment