දේශීය

ඝෝෂාකාරී වාදනයන් සිදුකරන බස්රථවලට අද සිට වැඩ වරදියි

(UTV | කොළඹ) – අද (16) සිට ඝෝෂාකාරී සංගීතය වාදනය කරන පුද්ගලික බස් රථ වැටලීම සිදුකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව දැනුම් දෙයි.

සුභාවිත ගීත 1000 ක් ඇතුළත් සංයුක්ත තැටිය ලබාගැනීමට දී තිබූ කාලය ඊයේ (15) දිනයෙන් අවසන් විය.

ඒ අනුව තවදුරටත් මහජවතාවට අවහිර වන පරිදි එවැනි සංගීතය ප්‍රචාරය කරන බස් රථ හඳුනාගැනීම සඳහා අද සිට කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව කොමිසම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් 1955 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි යොමුකිරීමට මගීන්ටද අවස්ථාව හිමිවේ.

Related posts

කොළඹ කොටස් වෙළඳපොල විවෘත කිරීම කල් යයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 1631 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

ඉෂාර සෙව්වන්දි අත්අඩංගුවට

Editor O

Leave a Comment