දේශීයප්‍රමුඛ පුවත 1

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

(UTV | කොළඹ) – සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින සිංගප්පූරුවේ නීතිය සහ ස්වදේශ කටයුතු පිළිබද අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ  (07) අරලියගහ මන්දිරයේදී සිදුවි තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා වැදගත් කරුණු රැසක් පිලිබදව සාකච්ඡා කෙරුණු බවයි.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිනි සේනරත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආර්ථික කටයුතු පිලිබද ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් සහ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්නද සහභාගී වූහ.

Related posts

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් බස්නාහිර රෝහල්වල වර්ජනයක්

Mohamed Dilsad

රට පුරා රෝහල්වල සෞඛ්‍ය සේවකයෝ වැඩ වර්ජනයක් අරඹති

Editor O

බේකරි හිමියන් දැඩි පීඩාවට

Mohamed Dilsad

Leave a Comment