ව්‍යාපාරික

මාතලේ පැතිර යන දිලිරයක් නිසා එළවළු අස්වැන්න විනාශයට

(UTV | මාතලේ) – මාතලේ ප්‍රදේශ රැසක එළවළු බෝග ආශ්‍රිතව දිලීර රෝගයක් පැතිර යාම හේතුවෙන් අස්වැන්න දැඩි ලෙස විනාශ වී ඇති බව ගොවින් පවසයි.

මෙම දිලීර රෝගය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, දඹුල්ල, යටවත්ත ආදී ප්‍රෙදේශවල වැටකොලු, කරවිල, බෝංචි වගාවන් ආශ්‍රිතව  පැතිර ගොස්ඇති බව සඳහන්.

පසුගිය දිනවල ඇඳ හැලුණු ධාරානිපාත වර්ෂාව සහ අව් රශ්මිය නොමැති වීමෙන් මෙම දිලීරය ඇති වී තිබෙන බවට විශ්වාස කරන බව ගොවීන් කියා සිටියේය.

මේ හේතුවෙන් අස්වැන්න ලබා ගැනීමට ගොවීන් අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ සඳහා හැකි ඉක්මණින් පියවරයක් ගැනීමට බලධාරීන් මැදිහත් විය යුතු බවත් ගොවින් වැඩිදුරටත් පවසයි.

Related posts

කප්රුක සමාගම 2024ට සාපේක්ෂව 94%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Editor O

ණය සහ ලිසිං සහන ලබා ගැනීමට 30 වෙනිදාට පෙර ඉල්ලුම් කරන්න

Mohamed Dilsad

තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 11 වැනිදායින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment