විදෙස්

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍යට ගිය 35 ක් මරුට

(UTV | ඉරානය) – ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙම අවස්ථාව සඳහා ඉරාන වැසියන් මිලියන ගණනක් සහභාගී වී තිබූ අතර , ඔවුන් අමෙරිකානු විරෝධී වැකි පවසමින් වීථිපුරා ගමන්කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ භූමදාන කටයුතු සඳහා මියගිය මේජර් ජෙනරාල්වරයාගේ දේහය ඔහුගේ උපන් ගම වන කර්මන් වෙත රැගෙන ආ බවයි.

පසුගියදා මේජර් ජෙනරාල් කසීම් සුලෙයිමානි ඉරාකයේ බැග්ඩෑඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ඝාතනයට ලක්වුණේ අමෙරිකාව එල්ල කළ රොකට් ප්‍රහාරයකින්.

Related posts

චීනය උපත් පාලනය නවත්වයිද?

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා ආසාදිතයින් විසි දෙලක්ෂය ඉක්මවා යයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment