විදෙස්

චීනය උපත් පාලනය නවත්වයිද?

(UTV| කොළඹ) – චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිළිබදව එරට බලධාරීන්ගේ අවධානය යොමු වෙයි.

මේ වන විට චීනයේ එක් පවුලක ළමයින් දෙදෙනෙකුට සීමා වී ඇති බව වාර්තාවේ.

1979 වසරේදී කොමියුනිස්ට් රජය ජනගහනය පාලනය කිරීම සඳහා  එක් පවුලක් එක් ළමයෙකුට සීමා විය යුතු බවට නියෝගයක් පනවන ලදී.

එය කඩ කරන්නන් ගබ්සා කිරීමට පවා පෙළඹුණු අතර පසුව ජනගහනය වයස්ගතවීමේ අවදානම සහ ශ්‍රම බලකාය හීනවීම හේතුවෙන් එය ළමයින් දෙදෙනෙකු දක්වා වැඩි කිරීමට 2016 වසරේදී පියවර ගැනුණි.

එහෙත් අපේක්ෂිත අන්දමින් දරු උපත් සංඛ්‍යාව ඉහළ නොයාම හේතුවෙන් එම සීමාව ද ඉවත් කිරීමට චීනය තීරණය කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග්‍රීන්ලන්තයට එරෙහි රටවලට තීරුබදු පනවනවා – ඇමෙරිකාව

Editor O

ඉන්දුනීසියාවට ප්‍රබල භුකම්පනයක්

Mohamed Dilsad

නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් ඇරඹීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment