දේශීය

අඹතලේ මාර්ගය තාවකාලිකව වසා දමයි

(UTV | අඹතලය) – අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින වසා දැමෙන බව පොලිසිය පවසයි. 

ඒ අනුව අදාළ දිනවල පැය 07ක කාලයක් එම මාර්ගය වසා තැබෙනු ඇත.

අඹතලේ මාර්ගයේ පිහිටි බුත්ගමුව යකඩ පාලමේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් අදාළ මාර්ගය වසා තැබෙන බවට මාර්ග සංවර්ධන අධිකාරීය විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ රාත්‍රි 10.00 සිට අළුයම 05.00 දක්වා එම මාර්ගය වසා තැබෙයි.

Related posts

සිසුවෙක්ට වේවැලෙන් පහරදුන් සහ පහරදීමට අනුබල දුන් ටියුෂන් ගුරා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

Editor O

වව්නියාවේ සිද්ධියට අදාළ FR පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

අශෝක වඩිගමංගාව ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment