ගොසිප්

මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට එජාපය උත්සහ ගන්නේ ඇයි?

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට මේ වන විට මැතිවරණ දොළ දුකක් උද්ගතව ඇති බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

මහ මැතිවරණය සිංහල අලුත් අවුරුද්දට පසු පැවැත්වුවහොත් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ කතා බහ මැතිවරණ කරළියට එන බව දන්නා එජාපය දැන් උත්සහ කරන්නේ ඊට පෙර මහ මැතිවරණය පවත්වා ගැනීමට යැයි ද අමාත්‍යවරයා පැවසීය.

ජනපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මාර්තු මාසයේදී කළහොත් මහ මැතිවරණය පැවැත්වෙනුයේ අප්‍රේල් මස අවසන් සතිය තුළ බවත් , පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පසුගිය වසරේ අප්‍රේල් මස එල්ලවූ නිසා මහ මැතිවරණය එම මස නොතබා මාර්තු මස පවත්වා ගැනීමට එජාපය සාකච්ඡා කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

Related posts

නිව් ඩයමන්ඩ් ගින්න නිවන්න රජය වැය කළ මුදල අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ තනතුරක් චන්ද්‍රිකාට

Mohamed Dilsad

අවසන් මොහොතේ දී සිදත් වෙත්තමුණිගෙන් සනත්ට ලැබුණු උපදෙස

Mohamed Dilsad

Leave a Comment