ප්‍රමුඛ පුවත 1

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීම 95% ක් අවසන්

(UTV | කොළඹ) – මේ වනවිට උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 95%කට අධික ප්‍රතිශතයකින් අවසන් වි ඇති බව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන පවසයි.

බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතු වල අවසන් අදියරට පැමිණ ඇති හෙයින් ඉතා ඉක්මනින් බිම්බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක් වශයෙන් දැකිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

යුද්දෙන් පසුව උතුරේ බිම්බෝම්බ ඉවත් කිරිමේ කටයුතුවල නිරත රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් උතුරු පළාත තුළ  වර්ග මීටර් 955, 511 ක භූමියක් තුළ  බිම්බෝම්බ 20,984ක් සොයාගෙන ඇති  බවට එම සංවිධාන කියාසිටියි.

උතුරු පළාතේ වැඩි වශයෙන්ම යාපනය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි බිම්බෝම්බ තොගයක් වළදමා තිබූ අතර එහිදී යාපනය මුහමාලෙයි ප්‍රදේශයේත් මුලතිව් පුදුකුඩිඉරිප්පු, අම්බකාමම් වැනි ප්‍රදේශයන්හි වැඩි බිම්බෝම්බ තොගයක් වළදමා  තිබූ බවටද බිම්බෝම්බ ඉවත් කිරිමේ  සංවිධාන සඳහන් කරයි.

මේ අතර උතුරේ වළදමා තිබි  බිම්බෝම්බ වලට අමතරව ජීවිත හානි සිදුකල හැකි විවිධ වර්ගයේ මර උගුල්ද අටදහසක් පමණ හමුවි  ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයට

Mohamed Dilsad

ඩොලරට රුපියල් 160 තෙක් අඩු කරන බවට සහතිකයක්

Mohamed Dilsad

ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය අදයි- පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩ පිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment