ප්‍රමුඛ පුවත 1

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා අධිකරණයට

(UTV | කොළඹ) – අද(16) අධිකරණය හමුවේ සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීම පිළිබඳ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගියදා කඩවත, මහර ප්‍රදේශයේදී මෙම සිද්ධියට අදාළව ඇන්තනී ඩග්ලස් ප්‍රනාන්දු සහ අතුල සංජීව මදනායක නැමැති සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනතුරුව මොවුන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය.

මෙම සැකකරුවන් ඒ අනුව අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමඟ පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සුදු වෑන් මඟින් පුද්ගලයින් පැහැර ගැනීම පිළිබඳ මොවුන්ගෙන් එක් අයෙකු ප්‍රකාශයක් සිදුකළේය.

උතුරු ප්‍රදේශයේ සිට රත්‍රං ප්‍රවාහනය කිරීම පිළිබඳ අනෙක් පුද්ගලයා ප්‍රකාශයක් සිදුකළ අතර එහිදී ඔවුන් දෙදෙනාම පෙනී සිටියේ රියදුරන් ලෙසිණි.

මොවුන් මෙම මාධ්‍ය හමුවේදී මනුෂ්‍ය ඝාතන, අතුරුදන් කිරීම්, පැහැර ගැනීම් සහ සොරකම් කිරීම් ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂ නායක හා සංවිධායක ගැන තීරණය හෙට

Mohamed Dilsad

වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

ඌව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කල් දමයි

Mohamed Dilsad

Leave a Comment