ප්‍රමුඛ පුවත 1

ගාලු කොටුවේ ඉපැරැණි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

 

(UTV | කොළඹ) – ගාල්ල කොටුවේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලේ බිත්තියක් ඊයේ (07) රාත්‍රියේ සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.

රාත්‍රි කාලයේ කඩා වැටීම නිසා කිසිවෙකුටත් හානියක් නොවු අතර දිවා කල කඩා වැටුණේ නම් ජීවිත හානි සිදුවීමට ඉඩ තිබු බව කොටුව පදිංචිකරුවෝ පැවසූහ.

ලන්දේසි සමයේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල අබලන්විමත් සමග එහි  පවත්වාගෙන ගිය තැපැල් කාර්යාලය මේ වනවිට වෙනත් ස්ථානයක පවත්වා ගෙන යනු ලබයි.

මෙයට පෙර අවස්ථා කිහිපයකදී ද මෙහි බිත්ති සහ වහලේ කොටස් කඩා වැටී තිබුණි.

Related posts

අල්ලස් කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

තැපැල් වෘත්තීය සමිතිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

Leave a Comment