ප්‍රමුඛ පුවත 1

මුහුදු මාර්ගයෙන් නවසීලන්තයට යෑමට ගිය 16 ක් අත්අඩංගුවට

 

(UTV | කොළඹ) –  නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (05) සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර , මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙවැනි මෙහෙයුම් නිරන්තරයෙන් සිදුකරනු ලබයි.

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ නවසිලන්තය වෙත පිටත් වීමට රහසිගතව සැලසුම් කර, මිගමුව ප්‍රදේශයට වෑන් රථයකින් පැමිණි සිට අවස්ථාවේදී මෙම පුද්ගලයින් පිරිස අත් අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සංක්‍රමණය වීමට උත්සාහ කල පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ වෑන් රථයේ රියදුරු ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් අවුරුදු 19 – 46 ත් අතර වියෙහි පසුවන්නන් වෙයි.

මෙම මිනිස් ජාවරමේ නිරත වූ ජාවාරම්කරු සොයා නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුමක් ක්‍රියාතමක කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

ඉස්ලාමීය රාජ්‍යයන්ගේ සංවිධානයේ රටවල්වලින් ඒකාබද්ධ ප්‍රකාශයක්

Mohamed Dilsad

TNA පක්ෂ අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

Leave a Comment