ප්‍රමුඛ පුවත 1

සියලු විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල විද්‍යාපීඨ ලෙස උසස් කිරීමට කැබිනට් අනුමැතිය

 

(UTV | කොළඹ) –  සියලුම විද්‍යා පීඨයන් විශ්වවිද්‍යාල මට්ටමට උසස් කරමින් ඒවා විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව විද්‍යාපීඨවලින් ඩිප්ලෝමාධාරීන් වෙනුවට උපාධිධාරීන් බිහිකිරීමට බලාපොරොත්තුවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම ක්‍රියාවලිය මගින් ගුරුවරුන් අතර පවතින වැටුප් විශමතාවද අවසන් වෙනු ඇති බව ඔහු සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ අතර එම ක්‍රියාවලිය සිදුකිරීම වෙනුවෙන් විශේෂඥ කමිටුවක් පත්කිරීමටද අපේක්ෂා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුද්ගලයන් 64,608 ක් පීඩාවට – වැඩිම බලපෑම මඩකලපුව දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රංජන්ට එරෙහි පැමිණිල්ලේ සාක්‍ෂි සටහන් කර ගැනීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment