ව්‍යාපාරික

ආහාර එතුම් නිෂ්පාදකයින්ට නව නීති පමුණුවයි

(UTV | කොළඹ) – ආහාර එතුම් නිෂ්පාදකයින්ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව නීති කිහිපයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව ලන්ච් ෂීට් පැකට්ටුවේ සන්නම් නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයින්ගේ මිල, ලිපිනය, නිෂ්පාදිත දිනය සහ ආයු කාලය භාවිත කරන ලද ද්‍රව්‍ය, භාවිත ද්‍රව්‍ය පිළිබඳ ප්‍රකාශනය, මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි අංකය ආදී කරුණු ඇතුළත් විය යුතු බව එම අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.

මෙම නව නීතිය ලබන වසරේ ජූනි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන අතර ආහාර එතුම් කොළයක දිග සහ පළල, පැකට්ටුවක හෝ කාණ්ඩයකට අඩංගු එතුම් සංඛ්‍යාව, භාෂා තුනෙන්ම සැකසූ ලේඛනයක් ද ඇතුළත් කළ යුතු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි හිමියන් කියයි

Mohamed Dilsad

පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝ 4000 ක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment