Trending News

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට

(උදයම්,කොළඹ)  –  14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දිවයිනට පැමිණීමට තීරණය කර තිබේ.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ මේ වසරේ මැයි 12 වන දා සිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල සහ ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා රටවල් රැසකට ආරාධනා කර ඇති බවය.

ඒ සඳහා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකින් බෞද්ධ හා බෞද්ධ සංවිධාන නියෝජනය කරමින් මහනායක හිමිවරුන්, සංඝරාජ හිමිවරුන්, ජාත්‍යන්තර බෞද්ධ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු නියෝජිතයන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය.

ඉන්දියාව, චීනය, ජපානය, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, මියන්මාරය, ලා ඕසය, භූතානය, ටිබෙටය ඇතුළු බුදුදහම පවතින රටවල් රැසක් ඊට ඇතුළත්වේ.

Related posts

Probe launched into Kelanitissa Power Station fire

Mohamed Dilsad

விரைவில் பணிக்கு திரும்புவேன்…

Mohamed Dilsad

அபுதாபியில் உலக வங்கியின் கிளை அலுவலகம்

Mohamed Dilsad

Leave a Comment