ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කාල සීමාවේදී සුරාබදු පනත උල්ලංඝණය කළ අයට නීතිය

(UTV | කොළඹ) – ජනාධිපතිවරණය පැවති 16 සහ 17 යන දෙදින තුළදී මත්පැන් අලෙවිසැල් වසා තැබීමට කටයුතු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබූ අතර , සුරාබදු පනත උල්ලංඝණය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ දින දෙක තුළ සුරාබදු නිලධාරීන් දිවයින පුරා වැටලීම් 21 ක් සිදුකර ඇත.

නුවරඑළිය, මහනුවර, කුරුණෑගල, කොළඹ සහ මීගමුව යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මත්පැන් අලෙවි කිරීම, ප්‍රවාහනය කිරීම, බලපත්‍ර නොමැතිව විදේශීය මත්පැන් ලඟ තබා ගැනීම හා තීරු බදු නොගෙවන ලද දුම්වැටි අලෙවි කිරීම සහ ලඟ තබා ගැනීම යන චෝදනාවලට අදාලව එම වැටලීම් සිදුකර තිබේ.

අදාල වැටලීම් වලදී වරදකරුවන් වූ පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට සහ මත්පැන් අලෙවි කල මත්පැන් අලෙවිසැල්වල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුජිතට හා හේමසිරිට එරෙහි පෙත්සමට දින තීන්දු වෙයි.

Mohamed Dilsad

ලබන සඳුදා දිවයිනේ සියලුම රාජ්‍ය සේවකයින් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

ස්වාධීනව ඉඳ මහින්දට සහය දෙනවා – කුමාර වෙල්ගම

Mohamed Dilsad

Leave a Comment