ප්‍රමුඛ පුවත 1

සෑම සමෘද්ධි බැංකුවකටම දිවා සුරැකුම් මධ්‍යස්ථාන

(උදයම්,කොළඹ) – දිවයින පුරා පිහිටි සෑම සමෘද්ධි බැංකුවකටම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ උත්සවයකට සහභාගීවෙමිනි.

ඒ අනුව මෙම වර්ෂය අවසන් වන විට වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන 1074ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පවසයි.

වැඩිහිටි දීමනාවෙන් රුපියල් සියයක් සමාජ ආරක්ෂණ අරමුදලට බැර කර, ඇති කරන ලද අරමුදල් මඟින් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම සෑම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයකම ගෘහස්ථ ක්‍රීඩා පහසුකම්, වෛද්‍ය පහසුකම්, ආහාර පාන පහසුකම් සහිතව වැඩිහිටියන්ට දිවා කාලය සතුටින් ගත කිරීමේ පහසුකම් ඇති කරන බව අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

Related posts

මුස්ලිම් වෙළඳසල් වලට ,පල්ලි වලට පහර දීම දැඩි ලෙස හෙලා දකිනවා. – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

Mohamed Dilsad

කුරුඳු මිල පහළට

Mohamed Dilsad

අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment