ප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර ජනාධිපතිවරණය මෙතරම් සාමකාමීව පැවැත්වීමට හැකියාව ලැබුනේ තමා නිර්පාක්ෂික වීම හේතුවෙන් බවට විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

තම ධුර කාලය තුල යුගයට අවශ්‍ය විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූ බව ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිතිවරයා සඳහන් කළේය.

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ එහිදී මියගිය ශ්‍රී ලාංකික මෙන්ම විදේශීය ජනතාව ගෞරවයෙන් සිහිපත් කරන බවයි.

2015 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රකාශයෙන් ජනතාවට දුන් ප්‍රතිඥා තුළ බොහෝ දේ ඉටු කිරීමට හැකියාව ලැබුනු  තම රජයේම පාර්ශවයන් සහ තමා අතර තිබු ප්‍රතිපත්තිමය ගැටුම් මෙන්ම දේශපාලන ගැටුම් හේතුවෙන් ආණ්ඩුව තුල බරපතළ අර්බුධ ඇතිවු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟළුම් ආයතනයේ ඩිප්ලෝමා ප්‍රධානොත්සවය ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පාඩු ලැබූ ලංකා සතොසට අද කෝටි 100 ක ලාභයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment