ප්‍රමුඛ පුවත 1

සුමංගල හිමියෝ සත්‍යග්‍රහය අත්හරිති

 

(UTV | කොළඹ) – ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ ලිපි ලේඛණ ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලමින් කොළඹ නිදහස් චතුරස්‍රයේ ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය අවසන් කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උන්වහන්සේගෙන් සිදුකළ ඉල්ලිමකින් අනතුරුවයි.

මැද කොළඹ පැවති අවසන් ජන රැළිය ඇමතිමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් උපවාසය සිදුකරමින් සිටි නිදහස් චතුරශ්‍රය වෙත පැමිණියේය.

එසේ පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා උන්වහන්සේ ගෙන් ඉල්ලා සිටියේ ආරම්භ කර ඇති උපවාසය අවසන් කරන ලෙසට තමන් ගෞරව පුර්වකව ඉල්ලා සිටින බවයි.

ඒ අනුව උන්වහන්සේ අද (14) අලුයම් කාලයේ සත්‍යග්‍රහය අත්හැරීමට කටයුතු කර ඇති බවට වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්විස් නිලධාරිනියගේ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට

Mohamed Dilsad

කොටුව පොලිසියේ අපරාධ – පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම්

Mohamed Dilsad

විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment