ප්‍රමුඛ පුවත 1

රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

 

(UTV | කොළඹ) – පන්නල – ගිරිඋල්ල මාර්ගයේ මෙත්සිරි උයන මං සන්ධිය අසළ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ගිරිඋල්ල සිට පන්නල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඊට ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් ඊයේ (13) මෙම අනතුර සිදුවී ඇත.

පොලිසිය සදහන් කරන ආකාරයට සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ සහ මෝටර් රථයේ රියදුරන් දඹදෙනිය රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව 29 හැවිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වූ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගායක අමල් පෙරේරා දිවයිනට.

Mohamed Dilsad

බස් ගාස්තු ගැන තීරණය ඉදිරි සතියේදී

Mohamed Dilsad

පුක්කුලම් ප්‍රදේශයෙන් තහනම් ධීවර දැල් සොයා ගනියි.

Mohamed Dilsad

Leave a Comment