ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක පහකට කාලගුණ අංශ වෙතින් අනතුරු ඇඟවීම්

(UTV | කොළඹ) – අද රාත්‍රී කාලයේ රත්නපුර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගිගුරුම් සහිත වැසි සමඟ පැයට කිලෝමීටර 70  ත් 80 ත් අතර තද සුළං ද ඇතිවිය හැකි බවයි.

සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50-75පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ අංශය දැනුම් දෙයි.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද සිහින් වැසි ඇති විය හැක.

සබරගමුව, මධ්‍යමසහ ඌව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථාන වල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වන අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් 8.45 ට විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක්

Mohamed Dilsad

වතුකරයට එන මෝඩි නිසා වෘත්තිය සමිති නායකයින් අතර ගැටුම්

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment