ප්‍රමුඛ පුවත 1

ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්නක්

(UTV| කොළඹ) – ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන අංගනය තුළ හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති.

කොළඹ ගිනි නිවන ඒකකය  සඳහන් කළේය පැය කිහිපයක් ඇතුලත ගින්න මැඩපවත්වා ගැනීමට හැකිවූ බවයි.

ඒ සඳහා ගිනි නිවිමේ රථ 05ක් යොදාගෙන තිබේ.

ගින්නෙන් වාහන අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිසිය පැවසීය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණේ පාසැල් සහ ගම්පහ පාසැල් අද යළි විවෘත කෙරේ

Mohamed Dilsad

2019 සිට පන්ති කාමරයක සිටිය යුතු උපරිම සිසුන් 37 කට සීමා කෙරේ..

Mohamed Dilsad

පස්වන ණය වාරිකය නිදහස් කරන්න IMF අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment