විදෙස්

ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනි ඉල්ලා අස්වෙයි

(උදයම්, ඔස්ට්‍රලියා)රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ල වූ  ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ඇමතිනි සූසන් ලේ සිය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

 

අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා ඇය ඉදිරිපත් කළ ලිපිය අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් විසින් භාරගෙන ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වේ.

 

 

වයෝවෘද්ධ සත්කාර සහ ක්‍රීඩා පිළිබද  ඕස්ට්‍රේලියානු ඇමතිනිය වන සූසන් ලේ, කුවින්ස්ලන්තයේ නිවාඩු නිකේතන ප්‍රදේශයක නිවහනක් පසුගියදා මිලදී ගෙන තිබේ.
ඒ සදහා සිදුකළ ගමන් බිමන් වලට ඇය රජයෙන් මුදල් ලබාගෙන ඇති බව අනාවරණ වී තිබේ.

Related posts

කොරෝනා නිසා සියදිවි නසාගත් ඉතාලියේ හෙදිය

Mohamed Dilsad

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ට ප්‍රහාරයක්

Editor O

ෆේස්බුක් සමාගම් නාමය මෙටා ලෙස වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment