විදෙස්

රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට රැකවරණ ලබාදුන් ජේ.රංගනාත් නැමැත්තා මියයයි

(උදයම්,කොළඹ ) – 1991 වසරේදී ඝාතනයට ලක්වු ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ ඝාතකයන්ට රැකවරණ ලබාදුන් ජේ.රංගනාත් නැමැත්තා මියගොස් තිබේ.
බැංගලෝරයේදී ඊයේ ඔහු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මියයන විට ඔහු 60 වන වියේ පසුවිය.

රජීව් ඝාතකයන් වූ සිවරාසන්, සුභා සහ තවත් පස් දෙනෙකුට ඔහු රැකවරණ ලබාදී තිබුණේ බැංගලෝරය ආසන්නයේ පිහිටි කෝනනකුන්ටේ ප්‍රදේශයේ නිවසකය.

රංගනාත්, රජීව් ගාන්ධි ඝාතන නඩු විභාගයේ 26 වන සැකකරුද ඔහු වේ.
1999 වසරේදී රංගනාත් ඇතුළු සැකකරුවන් 19 දෙනෙකු නිදහස් කෙරුණා.

Related posts

බෙල්ජියමේ වෙඩි තැබීමක්.තිදෙනෙකු මරුට

Mohamed Dilsad

ජෙසින්ඩා ආර්ඩන් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

මැන්කුට් චීනයට කඩා වදී

Mohamed Dilsad

Leave a Comment