ප්‍රමුඛ පුවත 1

වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් වටලයි

 

(UTV | කොළඹ) – පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව ප්‍රකාශයට පත් කොට තිබේ.

වැඩි මිලට ගෑස් විකුණු වෙළෙඳුන් කිහිපදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා පැවසුවේය.

වැඩි මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන්නන් සම්බන්ධයෙන් පැමිණිලි කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දී තිබේ.

1977 කෙටි දුරකතන අංකයට එම පැමිණිලි ගොනු කළ හැකි බව එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.

ගෑස් සමාගම් පවසන ආකාරයට මේ වන විට වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය දින කිහිපයකින් මගහැරී යනු ඇති බවට විශ්වාස කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අතුරුදන් වුවන් සොයා කටුකුරුන්ද මුහුදේ තවදුරටත් මෙහෙයුම්

Mohamed Dilsad

අද සිට දින තුනක් තද සුළං – ධීවරයින්ටත් අනතුරු ඇගවයි .

Mohamed Dilsad

පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම්පත්

Mohamed Dilsad

Leave a Comment