ප්‍රමුඛ පුවත 1

ජනපති අපේක්ෂකයන් හයක් වත්කම් බැරකම් භාරදී නැහැ

(UTV | කොළඹ) –  ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් 35 දෙනා අතරින් අපේක්ෂකයන් සය දෙනෙකු තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාවට භාරදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මෙම අතරින් එක් අපේක්‍ෂයෙක් පිළිගත් දේශපාල පක්‍ෂයක් නියෝජනය කරන අයෙක් බවත්, අනෙක් පස්දෙනා ස්වාධීන අපේක්ෂකයන් ලෙස නාමයෝජනා ලබාදී ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදෙන අපේක්‍ෂකයෙකුට වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට මාස 03ක කාලයක් ලබාදී ඇත.

ඒ අනුව මෙම අපේක්‍ෂකයන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් දිවුරුම්දීමට ප්‍රථම වත්කම් බැරකම් ප්‍රකාශ ලබදිය යුතු බවත් පරාජය වුවහොත්, ලබන ජනවාරි 06 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවත්, දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව ඔවුන්ට ලිපි යොමුකර ඇති බවත් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම කාලසීමාව තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමට කටයුතු නොකර ජනාධිපති අපේක්‍ෂකයන් සඳහා නඩු පවරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිසුන් පිරිසක් බලහත්කාරයෙන් සරසවි භූමියේ

Mohamed Dilsad

රෝයල් පාර්ක් මිනීමැරුමේ වරදකරුට එරෙහි නඩුව සලකා බැලීම අද

Mohamed Dilsad

පුද්ගලයින් 25, 245ක් තවදුරටත් අවතැන්

Mohamed Dilsad

Leave a Comment