ප්‍රමුඛ පුවත 1

ඇවන්ගාඩ් සභාපති අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග

(UTV | කොළඹ) –  දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ලබන මස 14 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට හට නියම කරනු ලැබීය.

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අද (22) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.

අදාළ නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි නිශ්ශංක යාපා සේනාධිපති මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර , ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව දන්වා සිටියේය.

ඒ අනුව මෙම නඩුව නැවත ලබන මස 14 වනදා කැදවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම නඩුවේ වැඩිදුර විභාගය සඳහා දින නියම කරන බවත් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අදත්

Mohamed Dilsad

දුම්රිය සේවකයින් අඛණ්ඩ වර්ජනයකට යයිද?

Mohamed Dilsad

අගමැති ධුරයෙන් ඉවත් කල බවට ජනපති රනිල්ට ලියයි

Mohamed Dilsad

Leave a Comment