Trending News

මීතොටමුල්ලේ විපතට පත්වූවන්ගේ දේපළ තක්සේරු කිරීම ඇරඹේ

(උදයම්,කොළඹ)  – කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් විපතට පත්වූවන්ගේ දේපළ තක්සේරු කිරීමේ කටයුතු අද සිට ආරම්භ කටන බව රජය පවසයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ කොළොන්නාව ප්‍රාදේශීය මහලේකම් කාර්යාල නිලධාරීන් යොදා ගනිමින් එම කටයුතු සිදුකරන බවය.

එසේම අවධානම්ලා කලාපවල ජීවත් වන ජනතාව හඳුනා ගනිමින් ඔවුන් සුරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු ද ඒ සමඟම ආරම්භ කිරීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් හා දැනුවත් කිරීම් මේ වන විටත් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා කොළොන්නාව ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය වෙත ලබාදී ඇති බවය.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති සහන සැලසීමේ සාකච්ඡාවෙන් අනතුරුව එම දේපළ හානි සම්බන්ධයෙන් වන තක්සේරු වාර්තාව දින පහක් තුළ ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ නිලධාරීන්ට නියෝග කළේය.

මෙහිදී ආපදාවලට ලක්ව අවතැන්ව සිටින ජනතාව වී අලෙවි මණ්ඩලයට අයත් මීතොටමුල්ලේ පිහිටි ගබඩා සංකීර්ණ 3ක පදිංචි කිරීමට ද නියම කෙරුණි.

Related posts

Several spells of light showers expected

Mohamed Dilsad

PM leaves for Singapore for three-day visit

Mohamed Dilsad

GMOA called to temporarily suspend Sri Lanka – Singapore FTA

Mohamed Dilsad

Leave a Comment