ප්‍රමුඛ පුවත 1

ත්‍රස්තවාදීන් හට මරණ දඬුවම දෙන පනතක් – සජිත්

 

(UTV | කොළඹ) – නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින්, ත්‍රස්තවාදී කටයුතුවල නිරත වන සියලු දෙනාට මරණ දඩුවම ලබා දෙන පනතක් තම පාලන කාලය තුල ගෙන එන බව ප්‍රකාශ කර සිටියේය.

ඊයේ (19) සවස අකුරණ නගරයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව පවසා සිටියේය.

ත්‍රස්තවාදය තුරන් කිරීම යනු ආගම් විනාශ කිරීමක් නොවන අතර ශ්‍රී ලංකාව තුල ජාති ආගම් කුල මල පන්ති බේදවලින් තොරව කිසිම අවස්ථාවක කිසිම අයුරකින් ත්‍රස්තවාදයට ඉඩ නොතබන බව ඔහු අදහස් දැක්වුවේය.

තිස් වසරක යුද ශාපය ඉවත් කරපු විනාශ කාරි කොටි ත්‍රස්තවාදය විනාශ කළ සරත් ෆොන්සේකා හට රටේ ත්‍රස්තවාදී ක්‍රියාදාමයන් සහ මුලින්ම විනාශ කරන්නට තමා නිදහස ලබා දෙන බවට ප්‍රචාරක රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2017 සාමන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

උතුරු පළාත් කෘෂි කර්මාන්ත ඇමති සහ අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

සජිත් ගෝඨාභයට ලිඛිතවම අභියෝග කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment