Trending News

එළඹෙන එංගලන්ත සංචාරයේ වැඩිම ලංසුව මාලිංගට

(UTV | කොළඹ) – 2020 ජූලි මස එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිත “The Hundred” ක්‍රිකට් තරඟාවලියේ වැඩිම ලංසු මුදලක් නියම වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත් වී තිබීම විශේෂත්වයකි

තරඟාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 24 දෙනෙකු ඉදිරිපත්ව තිබෙන බව වාර්තා වේ.

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිතයි.

එම කණ්ඩායම් හි තරඟ කරනු ලබන ක්‍රීඩකයින් මේ මස 20 වැනිදා තෝරාගැනෙනු ඇත.

මාලිංගට අමතරව යෝජිත වැඩිම ලංසුව වන ස්ටර්ලිං පවුම් 125,000ක මිලක් නියම කර ඇති සෙසු ක්‍රීඩකයින් අතරට ඩේවිඩ් වෝර්නර් (ඕස්ට්‍රේලියාව), ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව), මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව), ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව්) හා කගීසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) තේරී පත්ව තිබේ.

ස්ටර්ලිං පවුම් 75,000ක (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 174) අවම ලංසු මුදලක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ එක්දින හා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න හා ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙක් වන කුසල් පෙරේරා යෝජනා වී ඇත .

‘The Hundred’තරඟාවලියේ තරඟ කරනු ලබන Southampton කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවෙන් බිහිවුණු තවත් දක්ෂ ක්‍රිකට් නායකයෙක් වන මහේල ජයවර්ධන නම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Spanish elections: Socialists win amid far right surge – [IMAGES]

Mohamed Dilsad

Navy apprehends 3 smugglers with 2.6kg of gold

Mohamed Dilsad

கோட்டாபயவை கைது செய்வதற்கான தடை மேலும் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment