Trending News

අගමැති වියට්නාම සංචාරයට සුදානම්

වියට්නාම් අග්‍රාමාත්‍ය  ගුයෙන් ෂුඑන් ෆු මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය 16 වන දා සිට 19 වන දා දක්වා වියට්නාමයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කරලීමත්, වෙළඳ, ආර්ථික, කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීමත් අරමුණු කර ගනිමින් පැවැත්වෙන මෙම සංචාරයේ දී වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා දූත පිරිස වියට්නාම් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශ ලේකම් චාන්දනී විජයවර්ධන, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වෙති.

Related posts

இந்தியில் ரீமேக் ஆகும் காஞ்சனா

Mohamed Dilsad

Trump reverses Russia meddling remark

Mohamed Dilsad

Bowling teams out at World Cup will be ‘critical’ – Gary Stead

Mohamed Dilsad

Leave a Comment