ප්‍රමුඛ පුවත 1

හෙරොයින් තොගයක් සමග දෙහිවල සත්වෝද්‍යාන සේවකයෙක් අල්ලයි

(UTV | කොළඹ) –  දෙහිවල සත්ත්ව උද්‍යානයේ සේවකයෙකු හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිව තිබේ.

වයස අවුරුදු 34 ක් වු කසුන් ෂෙහාන් කළුවිතාරණ නැමති මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 100 ක් සමඟ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

41 හැවිරිදි විදානආරච්චිගේ නාලක පුෂ්පකුමාර නැමති මෙම සැකකරු දෙහිවල සත්ත්ව උද්‍යානයේ සේවකයෙකු ලෙස කටයුතු කරන බව පොලීසිය පවසයි.

ඔහුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙහිවල සත්ත්ව උද්‍යානය තුළ ඔහුගේ කබඩ් එකක සඟවා තිබු තවත් හෙරොයින් ග්‍රෑම් 400 ක් සොයා ගෙන ඇති අතර , ඒ අනුව මෙම සැකකරුගෙන් සොයාගත් සමස්ථ හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 500 ක් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකාවට සිහිකැඳවීමක්

Mohamed Dilsad

ලබන වසරේ රජයේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම සම්මතයි

Mohamed Dilsad

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment