ප්‍රමුඛ පුවත 1

ඩී .ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුව කල් යයි

 

(UTV | කොළඹ) – ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා දක්වා කල් තැබීමට අද(15) නියෝග කළේය.

ඊට අදාළ නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදි මෙලෙස නියෝගය නිකුත් කර තිබේ.

නඩුව කල් තැබීමට හේතුව වනුයේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කිරීමයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය ඇතුළු 07 කට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නොතිසි

Mohamed Dilsad

ධීවර අංශයේ නව රැකියා අවස්ථා 50,000ක්

Mohamed Dilsad

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment