ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කෙරේ

(UTV | කොළඹ) – මැතිවරණ කොමිසන් සභාව විසින් ජනාධිපතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

මෙම තාවකාලික හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත, පිළිගත් වලංගු විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, වැඩිහිටි, විශ්‍රාමික හෝ පූජ්‍ය හැඳුනුම්පත යන පිළිගත් හැඳුනුම්පත් නොමැති පාර්ශවයන් හට ලබාගැනීමට ඉල්ලුම් කළ හැකියි.

කොට්ඨාශයේ ග්‍රාම නිලධාරිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර ලබාගෙන සම්පූර්ණ කර නොවැම්බර් 9 වන දිනට පෙර භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව මහා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිවරණ නිරීක්ෂණය සඳහා නිළධාරීන් 4000 ක් – පැෆ්රල්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

අගුණකොළපැලැස්ස බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

Leave a Comment