ක්‍රීඩා

එංගලන්ත පිලේ පුහුණුකාර ධූරයට ක්‍රිස් සිල්වරවුඩ්

(UTV | කොළඹ) –  එංගලන්ත පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ ට්‍රෙවර් බේලිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරට ක්‍රිස් සිල්වරවුඩ් පත්කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියා – එංගලන්ත අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසු එංගලන්ත පිලේ පුහුණුකරු ලෙස කටයුතු කළ ට්‍රෙවර් බේලිස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස 44 හැවිරිදි ක්‍රිස් සිල්වරවුඩ් මීට පෙර කටයුතු කරනු ලැබීය.

ක්‍රිස් සිල්වරවුඩ් එංගලන්තය පිලේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසට කටයුතු කිරීම ද 2018 වසරේදී ආරම්භ කළේය.

එංගලන්ත කණ්ඩායම සමඟ දීර්ඝ කාලිනය කටයුතු කිරීමට ලැබීම ගැන තමන් ඉතා සතුටට පත්වන බව සිය නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් ක්‍රිස් සදහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි තරඟය ගැන එංගලන්ත නායකයාගේ අදහස

Mohamed Dilsad

ඔලිම්පික් මීටර් 800 මූලික වටයේ තරඟයකට තරුෂි කරුණාරත්න අද රෑ සහභාගී වෙයි.

Editor O

ක්‍රිස් ගේල් නැවතත් ලකුණු අතරට

Mohamed Dilsad

Leave a Comment