විදෙස්

ඇමෙරිකාවේ පාසැලක වෙඩි තැබීමක් 3ක් මරුට

(උදයම්,ඇමෙරිකාව) –  ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන්  බර්නාඩිනෝ නුවර ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 8 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.

ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයෙකු ප්‍රාථමික පාසලේ ගුරුවරියක වූ තමන්ගෙන් වෙන් වූ බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති බව ඇමෙරිකානු පොලිසිය පවසයි.

මෙහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ළමයින් දෙදෙනෙකු අතරින් එක් අයෙකු ද පසුව මිය ගොස් ඇත.

මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබේ.

මෙම සිද්ධිය හේතුවෙන් මෙම ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන 600කට වැඩි  සිසුන් පිරිසක් ඉවත් කර ගැනීමට පොලීසිය මැදිහත්වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

Related posts

ක්‍රිමියාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමක්. සිසුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

ඇමෙරිකාව සහ චීනය එකට – එක කරයි.

Editor O

නව අගමැති වැඩ ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment