ප්‍රමුඛ පුවත 1

චමල් රාජපක්‍ෂත් මෙවර ජනාධිපතිවරණයට

(UTV |කොළඹ) – මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන චමල් රාජපක්ෂ  සුදානම් වේ.

ඉදිරි ජනාධිපතිවරණය සදහා ස්වාධීනව තරග වැදීමට අපේක්‍ෂාවෙන් සිටින පාර්ලිමේන්තුවේ වත්මන් සහ හිටපු මන්තී‍්‍රවරුන් පිරිසකට පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ඊට අදාළ අවසර හිමි ලිපි නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ජේ්‍යෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඒ අතර චමල් රාජපක්‍ෂ මහතාද වන බවයි.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමද වේ.

තවද ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, පූජ්‍ය අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොල, සමරවීර වීරවන්නි සහ අශෝක වඩිගමංගාව යන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ස්වාධීන අපේක්‍ෂකයන් ලෙස ඉදිරි ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඔවුන් සදහාද අදාළ අවසර හිමි ලිපි නිකුත් කර ඇති බයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

Related posts

කංජිපානි ඉම්රාන්ට වසර හයක බරපතල වැඩ සහිත සිර දඩුවම්

Mohamed Dilsad

බැදුම්කරය ගැන සියල්ල කීමට මන්ත්‍රී බන්දුල සුදානම්

Mohamed Dilsad

මරණ දඬුවම වළක්වමින් කළ තහනම් නියෝගය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment