ප්‍රමුඛ පුවත 1

අවුරුද්දට ගම් බිම් බලා යන්න විශේෂ බස් රථ සහ දුම්රිය සේවා අදත්

(උදයම්,කොළඹ)  – සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් රථ සහ දුම්රිය සේවාව අද(11) දින ද ක්‍රියාත්මක වන බව ගමනාගමන බලධාරීහු පවසති.

මේ වෙනුවෙන් අමතර ලංගම බස් රථ 4,600ක් විශේෂ ධාවනයට එක්කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.ඉන් බස් රථ 1200ක් දුරගමන් සේවා සඳහා යොදවා තිබේ.

මෙමෙ බස්ල රථ වල සේවය කරන රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු ලබන 25 වැනිදා දින තෙක් අවලංගු කර ඇති බවද ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේය.මීට අමතරව මෙම කාලය තුළ පෞද්ගලික බස් රථද හැකිතාක් ධාවනය කරවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අතර උත්සව සමයේ දුම්රිය මගීන්ගේ පහසුව තකා විශේෂ දුම්රිය සේවාවන් ද මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.
එසේම අධිවේගී මාර්ගයේ තදබදය අඩු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය සඳහන් කරයි.

Related posts

රජයේ සංවර්ධන ව්‍යාපෘති ගැන ජනතාව දැනුවත් කිරීම මදි – ඇමති සාගල කියයි

Mohamed Dilsad

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් ජපුර රෝහලට

Mohamed Dilsad

පාඨලීට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

Leave a Comment