ප්‍රමුඛ පුවත 1

තැපැල් වෘත්තීය සමිතිත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

(UTV | කොළඹ) –  දින කීපයක් පුරාවට තැපැල් කාර්යාවල අන්තර්ජාල පද්ධතිය අක්‍රියව පැවතීම හේතුවෙන් තැපැල් සේවා කටයුතු සිදුකර ගැනීමට නොහැකි වී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කළේය. 

අන්තර්ජාල පද්ධතියේ හටගත් දෝෂයට ඉදිරි දින දෙක තුල ස්ථිර විසදුමක් ලබා නොදුනහොත් දැඩි පියවර ගන්නා බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සදහන් කරයි.

දිවයින පුරා තැපැල් කාර්යාල 653 ක හා උප තැපැල් කාර්යාල 3410 ක සේවා සැයපීමට බාධා එල්ල වී ඇති බවත් , මෙම අන්තර්ජාල පද්ධතිය දින 05 ක කාලයක් තිස්සේ බිද වැටී ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් තැපැල් අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතාට දැනුම් දී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිදු පියවරක් මේ දක්වා අනුගමනය කර නොමැති බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ චෝදනා නගයි.

Related posts

කොළඹ අහසේ දූවිලි අංශු අඩු වේ

Mohamed Dilsad

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හමුදාවක ප්‍රධානතම කාර්යයි – යුධ හමුදාපති [VIDEO]

Mohamed Dilsad

බැඳුම්කරය ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

Mohamed Dilsad

Leave a Comment