ප්‍රමුඛ පුවත 1

එ.ජා.පයට ලංකා කම්කරු කොංග්‍රසයේ සහය

(UTV| කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණයට සුළු පක්‍ෂවල සහය ලබා ගැනීම වඩා තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත.

මෙරට වතුකර ජනතාව නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේ සහය කා හට හිමිවේවිද යන්න පිළිබඳ සියළුදෙනාගේම අවධනය යොමුව ඇත.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් එජාපයට සහය දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

පක්ෂයේ පාර්ලිමේන්තු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ මෙන්ම ආධාරකරුවන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහයෝගය ලබාදීමට ලංකා කම්කරු කොංග්‍රසයේ ගත් තීරණය මෙම සතියේදී ප්‍රකාශ කිරීමට නියමිත බව පැවසේ.

තම පක්ෂය විසින් හඳුනාගෙන ඇති වතුකරයට බලපා කරුණු 32ක් සම්බන්ධයෙන් ඇමැති සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජක්ෂ සමග සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා කියයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට හිටපු මැතිඇමතිවරුන් කිහිප දෙනෙකු තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ මාධ්‍ය ආයතන නව ප්‍රධානීන් සඳහා පත් වීම් ලිපි භාර දෙයි

Mohamed Dilsad

පැහැරගත් නැව මුදාගැනීමට කප්පම් මුදල් දීමටත් සුදානම්

Mohamed Dilsad

අකිල විරාජ් අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment