ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ)  – දුම්රිය වෘත්තිය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක බව එම වෘත්තිය සමිති පවසයි.

වැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් දුම්රිය රියදුරන්, නියාමකවරු, ස්ථානාධිපතිවරුන් ඇතුළු දුම්රිය සේවකයෝ පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේ මෙම වැඩ වර්ජනය ආරම්භ කළේය.

ඒ අනුව 26,27,සහ ඊයේ දිනයේ දිවයිනේ දුම්රිය ස්ථාන රැසක පාළු ස්වාභාවයක් ගත් අතර දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කෙරුණි.

දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ ශ්‍රේණි විෂමතාව ඉවත් කරන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී අවධානයට ලක්වී ඇත්තේ වර්ජකයින් සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳාගත නොහැකි වුවහොත් දුම්රිය යළි අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමටයි.

Related posts

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගන්නා ආයුධ මාධ්‍ය තුල විකාශය කිරීමට වාරණයක්.

Mohamed Dilsad

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

කථානායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment