විදෙස්

දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇරඹි ඇෆ්ගන් ජනපතිවරණයට බෝම්බ ප්‍රහාරයක්

(UTV | කොළඹ) –  ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද (28) පෙරවරුවේ ආරම්භ විය.

දහස් ගණනක ඇෆ්ගනිස්ථාන් හමුදාව රට පුරා ආරක්ෂාව සඳහා යොදවා තිබුනත් ඡන්දය ආරම්භ වී පැය දෙකක් ඇතුළත දකුණුදිග කන්දහාර් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තලේබාන් සන්නද්ධ කණ්ඩායම් ඡන්ද මධ්‍යස්ථාන ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවට මීටෙපර අනතුරු අඟවා තිබුණි.

ඇෆ්ගන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 14 දෙනෙකු ඉදිරිපත් වී සිටියි.

වර්තමාන ජනාධිපති අෂ්රෆ් ඝානි සහ එරට ප්‍රධාන විධායක අබ්දුල්ලා – අබ්දුල්ලා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙයි.

දෙවරක් කල් ගිය ඇෆ්ගන් ජනාධිපතිවරණය අද මෙලෙස පැවැත්වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුවයි.

 

Related posts

පියුගෝ ගිනිකන්ද පිපිරීමෙන් මිය ගිය ගණන 25 දක්වා ඉහළට

Mohamed Dilsad

අමෙරිකාවේ ප්‍රාන්ත 3 ක් යළි විවෘත කෙරේ

Mohamed Dilsad

ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

Leave a Comment