ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය හේතුවෙන් සති අන්තයේ විශේෂ දුම්රියත් අවලංගුයි

(UTV | කොළඹ) –  දුම්රිය වෘත්තිය සමිති පසුගිය 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද දිනයේත් දුම්රිය ගමන් වාර හතක් පමණක් ධාවනය වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 

ඒ, හලාවත, කොස්ගම, මහනුවර, මහව, වේයන්ගොඩ සිට එක් දුම්රිය ගමන් වාරයක් ද, ගාල්ලේ සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන් වාර දෙකක් ද වශයෙන්.

එම දුම්රිය ගමන් වාර අද පස්වරුවේත් ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙම වර්ජනය හේතුවෙන් සති අන්තයේ ධාවනය කිරීමට නියමිත විශේෂ දුම්රිය සියල්ලම අවලංගු කර තිබේ.

වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් සිය වැටුප් විෂමතා ගැටළු විසදා ගැනීම සඳහා සාකච්ඡාවක් ඉල්ලූ බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළේය.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද පස්වරුවේ දුම්රිය සේවකයින්ට අදාළ සාකච්ඡාව ලබාදීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.

Related posts

“එක් තීරුවක් – එක් මාවතක්”ව්‍යාපෘතිය ණය උගුලක් නොවේ.චීනය කියයි

Mohamed Dilsad

තායි – ශ්‍රී ලංකා අගමැතිවරු හමුවෙති

Mohamed Dilsad

ජනාධිපතිට සහ අගමැතිට රිෂාර්ඩ්ගෙන් ආයාචනාවක්

Mohamed Dilsad

Leave a Comment