ප්‍රමුඛ පුවත 1

පාකිස්ථාන යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදාධිපති හමුවේ[PHOTOS]

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තානු යුද්ධ හමුදාවේ විශේෂ සේවා කණ්ඩායමේ (Special Service Group) සේනාංකාධිපති මේජර් ජෙනරාල් හුසේන් මුම්ටාස් (Major General Hussain Mumtaz) පසුගියදා යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවු අතර එම අවස්ථාව සඳහා පාකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන් ඇතුළු පාකිස්ථාන හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

මෙම සුහද සාකච්ඡාවේදී පසුගියදා අවසන් වූ දියකාවා යුද අභ්‍යාසය සාර්ථකව අවසන් කිරීම සඳහා පාකිස්තානු යුද්ධ හමුදා සාමාජිකයින් දැක්වූ දායකත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් සාකච්ඡා සිදුකෙරිණි. තවද, වර්ෂ 1960 දශකයේ සිට දෙරට අතර පවතින ශක්තිමත් හමුදා සබඳතා සහ සහයෝගීතාවය මෙන්ම ශ්‍රී ලංකා හමුදාව හා පාකිස්තානු හමුදාව සමඟ පැවැත් වූ පුහුණු වැඩසටහන් අඛණ්ඩව ඉදිරියටත් සිදුකිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යෙමු කෙරිණි.

පාකිස්තානු හමුදාව දැක් වූ සහයෝගයට උපහාර දක්වමින් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරාල් හුසේන් මුම්ටාස් (Major General Hussain Mumtaz) වෙත සංකේතාත්මක සමරුතිළිණයක් ප්‍රදානය කළේය. අනතුරුව පාකිස්ථාන හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ රූකඩ කලාව ලෝක උරුම ලැයිස්තුවට එක්වෙයි.

Mohamed Dilsad

ජනපතිවරණයට අදාළ පැමිණිලි 3700 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment